Wednesday, November 12, 2008

සිංහල බ්ලොග් කියවනයට එමි.

මම බ්ලොග් එකක් හැදුවේ මීට ටික කාලෙකට ඉස්සර. දිනපොත වගේ හැමදාම ලියන්න තමා හිතාගෙන හිටියේ. ඒත් වැඩේ හරි ගියේ නෑ. මම ගෙදර එනකොට හසව 5 නම් පහු වෙනවා. පාසලේ, ගෙදර වැඩ කරල ඉවරවෙන කොට හොඳටම නිදි මතයි. ඉතින් මොන බ්ලොග්ද? කෑව. නිදි. අනික මට මේ අකුරු අනින වැඩේ ටිකක් නුහුරුයි.
ඒකට මගේ මලය. එයා 3-4 වෙනකොට ගෙදර. මම එනකොට කම්පියුටරේ වැඩ. කොහොම හරි ලාබාලම සිංහල බ්ලොග් කරුවා වෙලා, හරි 'වැඩ'. හික්. ඔන්න මමත් 'සිංහල බ්ලොග් කියවනයට' එන්නයි හදන්නේ. මොකද මම අහගෙන අපේ පාසලේ අධ්‍යක්ෂක හාමුදුරුවොත් (බඳගිරියේ සෝමවංශ හිමි) අපේ තාත්තාගෙන් ඔය බ්ලොග් ගැන අහනවා. මොනටද දන්නේ නෑ. කෝකටත් මමත් පුළු-පුළුවන් වෙලාවට ලියන්න උත්සාහ කරන්නම්කො.

6 comments:

ශාකුන්තල | Shaakunthala said...

වැඩේ හොඳයි. අපි කියවනවා.
අකුරු අනින එක කරදර නම් මේවයින් උදව්වක් ගන්න පුළුවන්.

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Manoj colambage said...

ආයුබෝවන්

සරත් ගුණතුංග said...

මේකෙ ඉන්න අය බොහොම හොඳයි. උදව් කරන්න ඉදිරිපත් වෙන්න හුඟක් අයත් ඉන්නව. ඉතා උසස් තත්වයක සභ්යත්වයක් තියෙනවා. මගේ පරිගනක දැනුම නම් ඉතාම අල්පයි. ඒ වුනාට මේකෙ ඉන්නව විශාරදයො. මම හිතන්නෙ ඒ ගොල්ලන්ට electrons උනත් පේනව ඇති.

Supun Sudaraka said...

ඕං සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනු ලබනවා! :)

Vidushi - විදුෂි said...

ශාකූන්තල අයියේ ඔයාට ගොඩක් ස්තූතියි මේ ගැහුවේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/ එකෙන්

ආයුබෝවන් මනෝජ්

සරත් මාමේ ස්තූතියි

සුපුන් අයියේ ස්තූතියි

සු said...

පුළුවනිනම් දවසක බඳගිරියේ හාමුදුරුවන්ගේ පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන් ‍වගේ ඒවායි, ඒවායින් අනික් අයට උදව් කළ හැකි අවස්ථා ගැනයිත් දවසක ලියන්න. මං කාලෙක ඉඳන් ඒ ගැන හිතමින් හිටියා.දිගටම ලියන්න. ටික දවසක් යනකොට කජු කෑවා වගේ ලියාවි :)