Sunday, December 7, 2008

වසරාවසානයේ ආ වාකරේ යාළුවෝ!

 
අද අපේ පාසලේ 2008 වසර අවසාන උත්සව දිනයයි. වසරක් පුරා ජීවත්වෙමින් ලබාගත් අධ්‍යාපනය ඇගයීමට ලක්කොට ප්‍රගති වාර්තා ලබාදීමත්, විවිධ සංදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් තුලින් අපේ හැකියාවන්ගෙන් බිඳක් දෙමාපිය වැඩිහිටයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් හැරුනුකොට, තස්ත්‍ර ග්‍රහණයෙන් මුදාගත් නැගෙනහිර ප්‍රදේශයේ පාසල්වල සහෝදර සහෝදරියන් මුණ ගැසී සුහදත්වය පළකිරීමත් අද දිනයේ උත්සවයේ අංග විය.
 
ඊයේ සහ අද අපත් සමග දවස ගත කළේ වාක‍රේ ඇතුළු නැගෙනහිර මුදාගත් ප්‍රදේශවලින් අප පාසලට කැන්දාගෙන ආ දොළෙස්වන කණ්ඩායමයි. ඒ අනුව අද වන විට අපගේ දමිළ මිතුරන්ගේ සංඛ්‍යාව 1500 ඉක්මවා ගොසින්ය. අප විද්‍යාලයේ නිර්මාතෘ, ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක, පූජ්‍ය බඳගිරියේ සෝමවංශාභධාන අපගේ හාමුදුරුවන්ගේ සංකල්පයක් අනුව උන්වහන්සේගේ පූර්ණ සංවිධායකත්වයෙන් මෙසේ අප අතරට එන මේ අහිංසක දමිළ යහළුවන් නිසා අප ලබන්නේ නැවුම් අත්දැකීමකි.
  
පළමු කණ්ඩායම පැමිණි දින අපට දැනගන්නට ලැබුනේ,  එම ප්‍රදේශවල යම් යම් සංවිධාන වලින් දමිළ යහළුවන් නොමග යවා තිබුණු බවයි. එක් මතයක් නම් 'සිංහල මිණිසුන්ගේ අත්වල තිබෙන බූවක් අතේ තැවරුනොත් දෙමළ මිණිසුන් ලෙඩවී මිය යන බැවින් සිංහලයන්ට අතට අත නොදිය යුතු' බවයි.
අයිස්ක්‍රීම් වලින් පිටවන දුම (ඝණීභවනය වූ ජලවාෂ්ප) නිසා ඔවුන් අයිස්ක්‍රීම් එක අතට ගැනීම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණි. ඔවුන් සිතුවේ එයත් පුපුරන සුළු දෙයක් කියාය. සිංහල අවුරුදු උත්සවය දිනයේ පැමිණි යහළුවන්, එදින දැල්වූ රතිඤ්ඥා හඬින් හොඳටම බිය වූහ.

එහෙත් සංචාරය නිමවී ඔවුන් යන්නේ විශාල ප්‍රබෝධයකින් හා සිංහල යහළුවන් ගැන පැහැදුනු සිතකින් බව නො අනුමානය.
අපේ වසරාවසාන උත්සවයේ අවස්ථා ඔවුනගේ ජීවිතයේ සොඳරු මතකයන් වනු ඇත.
අපේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ පෙරටු කොටගෙන ඔවුන් ශාලාව වෙත කැඳවාගෙන ආවෙමු.












මේ අපේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමයි. (පිටුපසම පේලියේ දකුණේ සිට තුන්වෙනියා මමයි.)

උත්සවයේ ආරම්භක නර්තනය.

අපි සරසවි අභිනන්දන ගීයක් ගායනා කළෙමු .

'අඩි දහයක්' උඩින් ගිය බොරු කකුල් කාරයෝ.
 
එක ශ්‍රේණීයේ නංගිලා මල්ලිලා.
 
 
දෙමළ ගීතයකට නර්ථනයක්. (කොහොමද වේගය)

අපේ හාමුදුරුවෝ.
මගේ නංගියා.

Monday, November 17, 2008

විභාගෙ ළඟයි

අද පාසල් ගියා මේ දවස් වල උගන්නන්නෙ නෑ.
පාසල් යන්නත් කම්මැලියි.

Wednesday, November 12, 2008

සිංහල බ්ලොග් කියවනයට එමි.

මම බ්ලොග් එකක් හැදුවේ මීට ටික කාලෙකට ඉස්සර. දිනපොත වගේ හැමදාම ලියන්න තමා හිතාගෙන හිටියේ. ඒත් වැඩේ හරි ගියේ නෑ. මම ගෙදර එනකොට හසව 5 නම් පහු වෙනවා. පාසලේ, ගෙදර වැඩ කරල ඉවරවෙන කොට හොඳටම නිදි මතයි. ඉතින් මොන බ්ලොග්ද? කෑව. නිදි. අනික මට මේ අකුරු අනින වැඩේ ටිකක් නුහුරුයි.
ඒකට මගේ මලය. එයා 3-4 වෙනකොට ගෙදර. මම එනකොට කම්පියුටරේ වැඩ. කොහොම හරි ලාබාලම සිංහල බ්ලොග් කරුවා වෙලා, හරි 'වැඩ'. හික්. ඔන්න මමත් 'සිංහල බ්ලොග් කියවනයට' එන්නයි හදන්නේ. මොකද මම අහගෙන අපේ පාසලේ අධ්‍යක්ෂක හාමුදුරුවොත් (බඳගිරියේ සෝමවංශ හිමි) අපේ තාත්තාගෙන් ඔය බ්ලොග් ගැන අහනවා. මොනටද දන්නේ නෑ. කෝකටත් මමත් පුළු-පුළුවන් වෙලාවට ලියන්න උත්සාහ කරන්නම්කො.

Tuesday, September 16, 2008

කනගාවා Kanagawa - Japan











“Kamakura is an ancient capital city where the Kamakura Shogunate,
a feudal military dictatorship ruled by the shoguns, was established.
There are a number of historical Shinto shrines and Buddhist temples remaining in this area,
including the famous Daibutsu statue.
Enoshima, a scenic area with many historical sites and legends,
and Katase Beach, which has been called the “Miami Beach of the East,”
overflow with tourists in the summer season.”

ජපානෙ 'කනගාවා' චිත්‍ර ප්‍රදර්ශණයට චිත්‍රයක් ඇන්දා. ඩොල්ෆින්ලා!
ගණිතය - වෙසලාකරණය
English
විද්‍යාව - (දණගහගෙන සිටීම)

Sunday, September 14, 2008

බිනර පෝය - Binara Poya

අද නිවාඩු.
පෝය නිසා දහම් පාසල් නෑ.
මිදුල හා ගෙවත්ත සුද්ද කළා,අම්මා, මල්ලී, නංගී අප හතර දෙනාම.
තාත්ත කියපු විදිහට පස් දාන්න සීය දුන්නේ නෑ.
ටිකක් දුක හිතුනා, ඒත් දෙන්නම හරි!

Today Sunday.
But no 'Dhamma' Shcool, becouse of Poya day.
Clean the garden with Amma, Malli. and Nangi.
Grandfather not agree with thatha.
I was sad, but both of them are correct!

Saturday, September 13, 2008

පළමු බ්ලොග් සටහන!



විදුෂිගේ දිනපොත.


මෙය මගේ පළමු අන්ර්ජාල blog අත්දැකීමයි. මේ සඳහා මට උදවු කළේ මගේ තාත්තායි.මගේ දිනපතා අත්දැකීම් මෙම blog එකට ඇතුල් කිරීමට බලාපොරොත්තු වෙමි.එසේම ඔබේ සුහදශීලී අදහස් මාවෙත එවන්න.


Vidushi's Diary


This is my first internet blog experience.My father helped me.I want post my daily experience.Please post your kind comments.