Friday, January 16, 2009

නිවාසාන්තර තරඟ

මේ දවස්වල අපේ පාසලේ නිවාසාන්තර තරඟාවලියේ මුලික තරඟ පැවැත්වෙනවා. 14 වෙනිදා ආරම්භක උත්සවය, ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක අපේ ලොකු හාමුදුරුවෝ පූජ්‍යපාද බඳගිරියේ සෝමවන්ස ස්විමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.


මයුර, ලිහිණි හා හංස නිවාස තුන. ආරම්භක දිනයේ අත්පන්දු තරඟ පැවැත්වුණා. මම 17න් පහල කණ්ඩායම - මයුර, හංස ට දෙවෙනි වුණා. අද (16) එල්ලේ තරඟ. ඒ තරඟයේත් ප්‍රථිපල  එමමයි. (ලකුණක් ගන්න දුවද්දි ඇදගෙන වැටිල තවම අමාරුයි). ඒත් අත අරින්නේ නෑ. තව තරඟ තියෙනවානේ. අනික මම නිවාස උප නායිකාවනේ. කොහොම හරි එක ගන්නවා.