Monday, November 17, 2008

විභාගෙ ළඟයි

අද පාසල් ගියා මේ දවස් වල උගන්නන්නෙ නෑ.
පාසල් යන්නත් කම්මැලියි.

4 comments:

budhajeewa said...

ඔයා සාපෙ වෙන්නැති මම හිතන්නේ... (එහෙම නැත්නම් සමාවෙන්න හො‍ඳේ !)

අනේ මන්ද අපේ මේ ඉස්කෝල වලට මොනව වෙලාද කියල. පහුගිය සති හතරක පහක විතර කාලයක් තිස්සෙ අපේ සාපෙ අංශෙ නිකං පාළුවට ගිහිං වගේ. සමහර දවසට මුළු සාපෙ අංශෙංම ඉස්කෝලෙ එන්නෙ 20 නැත්නම් 30 යි.

කවුරු ආවත් නැතත්, මම සාමන්‍ය දවස් වලට ඉස්කෝලෙ යනවට වඩා කැමැත්තෙන් ඒ දවස වල ඉස්කෝලෙ ගියා. මොකද දන්නවද ? ක්සටිය 50 ක් විතර ඉන්න පංතියක 5 දෙනෙක් විතරක් ඉඳල පිස්සු කෙළ කෙළ ඉන්නව තරං ආතල් එකක් නෑ !

ටීචර්ල එන්නෙත් නෑ. වැඩිම වුනොත් දවසට පීරියඩ්ස් 2 යි කරන්නෙ. ඉන්ටවල් එකට කලිං එකයි පස්සෙ එකයි !

මට හිතෙන්නෙ අපේ කස්ටියකට දැං සිංගිංස්ටාර් වුනත් යන්න පුළුවන්, මොකද සිංදු කියන එකය ිපංතිය ඇතුලෙ ක්‍රිකට් ගහන එකයි තමයි අපි පහුගිය දවස් වල බොහෝදුරට "ඉගනගත්තෙ". තව මේ ඩස්ට්බින් එකක පියන කවපෙත්තක් කරගෙන පංතිය වටේට යව යව පිස්සු කෙළිය.

එක අතකට මේව දෙක වසරෙ වැඩ. නමුත් ඒව කරනකොට නමහ් එහෙම හිතෙන්න නැහැ.

මම නං කියන්නේ ඉගැන්නුවෙ නැතත් ඔයා ඉස්කෝලෙ යන්න. මොකද එහෙම ඉස්කෝලෙ ගියාම හරිවිදියට කියනවනම් "ආතල් සාගරයයි !"

හැබැයි දැන්න නම් සාපෙ අංශෙ පන ගහල ඇවිල්ල, මොකද දැන් වාර විභාග එහෙමත් තියනවා නෙ.

(ඔයා උපෙ නම් කරුණාකර ඉහත කමෙන්ට ්එක නොසලකා හරින්න)

සරත් ගුණතුංග said...

ඉස්කෝලෙ නම් නොගිහින් ඉන්න එපා. ඉගැන්නුවත් නැතත්, යන්න.

gkt1234 said...

ටියුෂන් කඩ වල ප්‍රතිපල

Vidushi - විදුෂි said...

බුධාජීව අයියේ,
සමාවෙන්න මම කීවේ වාරවිභාගෙ ගැන.
මම තවම 9. අපේ පාසැලේ එක පන්තියක ඉන්නේ වැඩිම 20යි. 9 පන්නි දෙකකවත් 40ක් නෑ.

ගුණතුංග මාමේ,
ඉගැන්නුවේ නැතත් අපේ පාසැලේ ලමයි නිතරම පාසල් එනවා. ආපසු යන්න තමා හොර.

gkt
මම ටියුෂන් යන්නේ ඉංග්‍රීසි වලට සර් කෙනෙක් ළඟට හා ගණිතය අමාරු ගනන් අහගන්න මගේ යාළුවෙක්ගේ අම්මා ගෙනෙක් ගාවට විතරයි.