අද අපේ පාසලේ 2008 වසර අවසාන උත්සව දිනයයි. වසරක් පුරා ජීවත්වෙමින් ලබාගත් අධ්‍යාපනය ඇගයීමට ලක්කොට ප්‍රගති වාර්තා ලබාදීමත්, විවිධ සංදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් තුලින් අපේ හැකියාවන්ගෙන් බිඳක් දෙමාපිය වැඩිහිටයන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමත් හැරුනුකොට, තස්ත්‍ර ග්‍රහණයෙන් මුදාගත් නැගෙනහිර ප්‍රදේශයේ පාසල්වල සහෝදර සහෝදරියන් මුණ ගැසී සුහදත්වය පළකිරීමත් අද දිනයේ උත්සවයේ අංග විය.
ඊයේ සහ අද අපත් සමග දවස ගත කළේ වාකරේ ඇතුළු නැගෙනහිර මුදාගත් ප්‍රදේශවලින් අප පාසලට කැන්දාගෙන ආ දොළෙස්වන කණ්ඩායමයි. ඒ අනුව අද වන විට අපගේ දමිළ මිතුරන්ගේ සංඛ්‍යාව 1500 ඉක්මවා ගොසින්ය. අප විද්‍යාලයේ නිර්මාතෘ, ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂක, පූජ්‍ය බඳගිරියේ සෝමවංශාභධාන අපගේ හාමුදුරුවන්ගේ සංකල්පයක් අනුව උන්වහන්සේගේ පූර්ණ සංවිධායකත්වයෙන් මෙසේ අප අතරට එන මේ අහිංසක දමිළ යහළුවන් නිසා අප ලබන්නේ නැවුම් අත්දැකීමකි.
පළමු කණ්ඩායම පැමිණි දින අපට දැනගන්නට ලැබුනේ, එම ප්‍රදේශවල යම් යම් සංවිධාන වලින් දමිළ යහළුවන් නොමග යවා තිබුණු බවයි. එක් මතයක් නම් 'සිංහල මිණිසුන්ගේ අත්වල තිබෙන බූවක් අතේ තැවරුනොත් දෙමළ මිණිසුන් ලෙඩවී මිය යන බැවින් සිංහලයන්ට අතට අත නොදිය යුතු' බවයි.
අයිස්ක්‍රීම් වලින් පිටවන දුම (ඝණීභවනය වූ ජලවාෂ්ප) නිසා ඔවුන් අයිස්ක්‍රීම් එක අතට ගැනීම පවා ප්‍රතික්ෂේප කළ අවස්ථා තිබුණි. ඔවුන් සිතුවේ එයත් පුපුරන සුළු දෙයක් කියාය. සිංහල අවුරුදු උත්සවය දිනයේ පැමිණි යහළුවන්, එදින දැල්වූ රතිඤ්ඥා හඬින් හොඳටම බිය වූහ.
එහෙත් සංචාරය නිමවී ඔවුන් යන්නේ විශාල ප්‍රබෝධයකින් හා සිංහල යහළුවන් ගැන පැහැදුනු සිතකින් බව නො අනුමානය.අපේ වසරාවසාන උත්සවයේ අවස්ථා ඔවුනගේ ජීවිතයේ සොඳරු මතකයන් වනු ඇත.
අපේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ පෙරටු කොටගෙන ඔවුන් ශාලාව වෙත කැඳවාගෙන ආවෙමු.
මේ අපේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමයි. (පිටුපසම පේලියේ දකුණේ සිට තුන්වෙනියා මමයි.)
දෙමළ ගීතයකට නර්ථනයක්. (කොහොමද වේගය)
මගේ නංගියා.